Wednesday, February 13, 2013

මහා පරිමාන සංවිධාත්මක දැව ජාවාරම වැටලු හැටි


කාලෙකින් ලියන්නේ,


ඇත්තටම තියෙන රාජකාරී එක්ක මේකට ලියන්න වෙලා නැති වුනා.
එත් මේකට ලියන්න කියපු නංගිලාට ස්තූතිය ඇත්තටම කිව්වොත් නංගිලා විතරයි කිව්වේ 

ඒ ගැන එචිචර හිතන්න එපා) ........”



මහා පරිමාන සංවිධාත්මක දැව ජාවාරම වැටලු හැටි



ඔන්න මේ සෙනසුරාදා පෙබ
: 9
මම මගේ කාර් එක සර්ව්ස් එකට දැම්ම 
ටිකක් වෙලා යනකොට මට කෝල් එකක් ආව
මගේ කාර්යාලයේ වන ආරක්ෂණ අංශයේ නිළධාරීයා,


සර්දැන් මට කෝල් එකක් ආව ලී ලෝඩ් එකක් පටවනවලු මොකද කරන්නේ 
අනේ කොල්ලෝ මම කාර් එක සර්විස් කරන ගමන් මගේ භාෂාව
ඉන්න මම තව කවුරු හරි එකතු කරන්න.”
මගේ බල ප්‍රදේශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක්ඒ හැමකොට්ඨාශයකම කැලැ බලන්න නිළධාරීන් 20 ක් විතර , එක් වාහනයක් ඇත රියදුරෙක් නැත (ඒවා ආයතනික ප්‍රශ්න


මට කථා කළා ළගම නිළධාරියෙකුට යන්න කිව්වා යතුරු පැදියෙන් දෙන්නට එතැනට
මම මේ වැඩේ ඉවර වුනු වහාම එන්නම් කියලා
ඔන්න තව පැයකින් විතර ඒ කට්ටිය කථා කළා.


සර් ලෝඩ් එකක් එනවාලු ඔත්තු කාරය පස්සේම ඉන්නවා අපි පොල්ගහවෙල යොගමුවාකන්ද කන්ද හරියට යනවා මේක සංවිධානාත්මක හෙන සෙට් එකක් කරන වැඩක් කියල ඔත්තුකාරය කියනවා මොකද කියන්නෙ


හරි පරිස්සමින් යන්න මම ළගම තියෙන දැව ව්‍යාපාර කරන (එයාලා ලියාපදිංචි දෙපාර්තමේන්තුවට ලැදි අනවසර ක්‍රියා නොකරනකවුරු හරි එවන්නමි


මම කථාකර කිවිවා  එයාලා ස්වේච්චාවෙන් සහය වන බව කිව්වා
කට්ටියම සෙට් වෙලාලු  ඔත්තුකාරයා අඟලෙන් අඟලට විස්තර කියනවාලු 
ඔන්න දැන් ඒ ලොරිය මෙතැනින් සිගරට් ගන්න නැවැත්තුවාඔන්න මේ පාරට හැරෙව්වා ......

දැන් තව පැය ක ක් ගියා


මෙන්න කථා කරනවා


සර් කොහේද ඉන්නෙ අපි ලොරිය අල්ලන් එන ගමන්
අප්පට බොල මල සතුටුයිනේ හරි එන්න මම ඔෆිස් එකට එන්නම්

මම ගියා ඔෆිස් එකට කවුරුත් නෑඉදගෙන චුට්ටක් වෙල බුකියට ගියා
ඔන්න අපේ නිළධාරීන් ඇතුලට එනගමන් ගොඩ වුන අවුරුදු 65-70 ක අම්මා කෙනෙක් ගෙදර ඇදන් හිටපු ගවුම පිටින්ම ඇවිත්
අනේ බුදු මහත්තයේ මේ මගේ දුවගේ ගේ හදන්න ගෙනාපු ලී කෑලි ටික..”
තව තවත් කියාගෙන නිදහස් වෙන්න ඉල්ලනව


හරි අම්මේ ඉන්න බලන්නම්


මොකද්ද බං වුනේ” මම නිළධාරියාගෙන් ඇහුවා


අපි ඔත්තුකාරය කියපු විදියටම ඒ ඒ කියුපු තැන්වල රැක්කා සර් එවපු අයත් අපේ උදව්වට ආවා ඉතින් ලොරිය ආවා ලොරියේ ඉරපු ලී කෑලි ක් තිබුණා.ඩ්‍රයිවර් මෙයා”  (රිදුයරු පෙන්වයි)


එතකොට අර ආපු අම්මා” මම ඇහුවා.
එයා මෙයාලව අල්ලන් එන එක ආරංචි වෙලා ත්‍රීවීල් එකක ඇවිත් මෙයාගේ නැන්දම්මා


හම්මොකටද මේ ලී ගෙනාවේ” රියදුරුගෙන් මම ඇහුවා


සර්මම මීට මාසෙකට විතර කලින් ලී පර්මිට් එකකට සර්ගෙන්ම අත්සන් අරන් ගියේ අපේ නෝනගේ මහා ගෙදර ඉඩමේ ඉරපු ලී ටික අලුතින් හදන ගෙදරට ගෙනියන්නඒ ලී වලට තව ලී කෑ ක් අඩුයි කියලා බාසුන්නැහැ කිව්වා ඉතින් එයත් එක්ක ගියා
හපොයි” මම හිතෙන් කියාගත්තා

පුද්ගලික ඉඩම් වලින් දැව ප්‍රවාහනයට නිර්දේශ ලබාදෙන ලේඛනය අරන් ඒක ඇත්තද කියලා පරික්ෂා කළාඇත්ත නේන්නම් මීට මාස ½  විතර කලින් නිර්දේශයක් ඒ ඉඩමට දීලා තියෙනවා


ආ පොඩ්ඩක් එලියට වෙලා ඉන්න

මොන මගුලට මේක අල්ල ගත්තද බං දැන් ලොරියේ කවුරු කවුරුද හිටියේ ? “

සර් ඉස්සරහ හිටියෙ මෙයයි මෙයාගෙ නෝනයි අර දුවයි

අවු: 3 ක විතර චූටි ලස්සන දූ පැටියෙක් ආත්තම්මා එක්ක මොන මොනවාදෝ කිය කියා ඉන්නවා.

පිටිපස්සෙ පොරක් හිටියා අපි දාල ආවා ඒකා ඔය කියන බාස් වෙන්න ඇති

මොන මගුලටද බං ඉතින් ඕක අතෑරලා අවේ නැත්තේ

සර් ඔත්තුකාරයා පිටිපස්සෙම හිටියා අපිට උදව් කරන්න ආපු අය හිටියාඅපි ඒක අතහැරලා අවනම් කේස් එකක්සල්ලි අරන් අතහැරලා යනවා කියයිතව ඉහල තැන් වලට පැමිණිලි කරයි ඒකයි සර් ගාවට අරන් ආවේ

(හපොයි මේ යක්කු මාව දාපු අමාරුවක්)

දැන් මේ ලොරිය අතාරින්නත් බෑ මෙතැනට ගෙනාවට  පස්සෙ ලී කෑලි එක්ක නිදහස් කරන්නත් බෑ ලී කෑලි ටික මෙහේ බාගන්නත් බෑ.

අන්තෝ ටජා බහී ජටා

හරි මොනව කරන්නත් මෙයාගෙ කටඋත්තරේ ගන්න

නිළධාරියා රියදුරුව කැටුව ගියාට පස්සෙ මේ රියදුරාගේ බිරිද මගේ කාමරයට ආවා.

සර් මම වැදලා කින්නම් ඇත්තමයි මේ කියන්නේ මම පොල්ගහවෙල එ.ජි.ඒ ඔෆිස් එකේ වැඩ කරන්නේ මගේ මහත්තයා බේබදුකමට ඇබ්බැහි වෙලා ඉන්නේ කොච්චර කළත් ඒකෙන් ගලවගන්න බෑඊයෙත් කවුරු හරි එක්ක බීලා ලයිසන් එක් නැති කරගෙන ආවේ මගේ උනන්දුවෙන් පොඩි ගෙයක් හදන්න පටන් ගත්තා ඒකට අඩුයි කියපු ලී කෑලි ටික ගේන්න තමයි මේ ගියේ ” කදුළු පෙරමින් දුක්ගැනවිල්ල කියයි.

හරි මට තේරෙනවා ඔයාලාගේ කාරණය, මේ තරම් තරහකාර ඔත්තුකාරයා කවුද?

සර්, මහත්තයා බොනකොට කවුරු හරි එක්ක බැනගන්න ඇති එහෙම කෙනෙක් මිසක අපිට වෙන තරහකාරයෝ නෑ.

හ්ම්ටිකක් එලියට වෙලා ඉන්නකෝ බලමු

කටඋත්තර ගත්තට පස්සෙ අපු නිළධාරීන් දෙන්නාට කථා කලා

 
දැන් මොකද්ද මේකට කරන්නේඅතහැරලත් බෑ නඩුවක් දාන්නත් හිත දෙන්නෑ
“ මොකද්ද කරන්නේ 
 ?????????????????????????????????????????????????????????????????????????????

Thursday, September 6, 2012

මටම වුන දෙයක් ( යහලුවන්ගේ කතා නොවේ )


කම්මැලි කමටත් එක්ක හිතට එන දේ කැටි කවි සංකල්පනාවක් ලියන්න උත්සාහ කලා
ම්හු!!
හරි යන්නේ නැ මේ දිනවල මගේ හෘදයේ / මනසේ පවතින අව පීඩන තත්ත්වය නිසා කිසිවත් හිතට එන්නැ
-------((((( මොකද්ද ඒ අවපීඩන තත්ත්වය කියලා දන්නැනේ , ලොකු දෙයක් අහන්නත් , ඒ ගැන හොයන්නත් එපා
Privet  ඇහුවත් කියනනේ නැ හොදේ

මේක තනිකරම මට වුන අද්දැකීමක් සමහර කොටස් රාජකාරියටම සම්බන්ධයි 
ඔන්න ඉතිං රාජකාරි කිවු ගමන් මේක කියවන අය මේක කියවන එක නවත්තන්න එපා, මේකේ කොල්ලා දුෂ්ඨයා, වීරයා විතරයි ඉන්නේ කෙල්ලෙක් නැ ( මට වෙන සිද්ධි වල කෙල්ලෝ සම්බන්ධයක් නැ , එවා යහලුවන්ට වන ඇබැද්දි වල විතරයි )
ඒ උනාට ප්ලිස් ඉතිරි ටිකත් කියවන්නකෝ ඈනුම් ඇර ඇර
දැන් මෙන්න කතාව මේකේදි නම් ගම් විතරක් වෙනස් කරනවා හොදේ

ඔන්න මම ඒ කාලේ වන නිලධාරියෙකු ලෙස වැඩ කලා බදුල්ල පැත්තේ ,
අපි පවුලම ක්වාටර්ස් වල තමා හිටියේ
ඒ කාලේ නම් අඩවියක් භාර නිලධාරියෙකු කුට කියලා වාහනයක් වෙන් කරලා නැ හැබැයි ඕන වෙලාවකට වාහන තියෙනවානම් ලොක්කට කියලා ගන්න පුලුවන්
(( අනේ පිං සිද්දවෙච්චාවේ එහෙදි තමා මගේ පලවෙනි දුව ලැබුනේ . ඩොකා ලැබෙන දින දුන්නා , ඒ දිනයට සතියකට කලින් ඉදන් හවසට ජීප් එකක් මගේ ක්වාටර්ස් එකේ නවත්තලා යතුර මට දීලා යන්න කියලා රියදුරන්ටඋපදෙස් දිපු ලොක්කෙක්  ඒ කාලේ මට හිටියා --- ((එයා චිරාත් කාලයක් වැජබෙන්න ඕන )) අම්මපා රත්තරන් නිලධාරින් )))
ඉතිං ඔන්න ඒ කාලේ ( බබා හම්බවෙන කාලේ නෙවෙයි ඊට මාස 5-6 කට පස්සේ )
රාජකාරි කතාවක් කියලා හිතලා කියවන එක නතර කරන්න එපා දුෂ්ඨයාට බබා හම්බ වෙන හැටිත් ඉස්සරහට තියෙනවා

ඉතිං ඔන්න අදුර වැටීගෙන යද්දි මට කෝල් එකක් ආවා

ඔන්න දැං පිට පොට පැන්නා !!!! නැ ඇත්තමයි ඒ කාලේ හැන්ඩ් ෆෝන් මටත් නැ , පලාතට සිග්නලුත් නැ
Office No එකට තමයි හැමෝම කතා කරන්නේ

තව එකක්  
Office එකයි
Quarters එකයි ඔන්න මෙන්න මෙහෙම Phone එකේ Ring Tone  වදින වදින වෙලාවට දුවන්න බැරි නිසා Extension එකක් හදාගත්තා Quarters එකට

ඒ කාලෙත් දැං වගේමයි මගේ ප්‍රිය භාර්යා තුමිය මා ගැන කිසිම අවිස්වාසයක් , අහිතක් නැ ( යකෝ මගේ ජන්මාන්තර යාලුවන්ට ප්‍රශ්ණ උනාට මට වෙලා නැනේ ඒකයි)
ආය කතාවට --- --- ඔන්න ඉතිං මම ඔෆිස් එකේ වැඩ රෑ 7  ට විතර ඇති  Phone එක Ring වෙනවා
“ මළා මේ වෙලාවේ, මොකාද යකෝ “ සිතමින් නොසැලෙන සිතින්
Receiver එකට කණ ගෙනිච්චා
“ හලෝ කවුද ??“
මම අහපි
“ හලෝ “ ( කටහඩ නම් තාරතාවයෙන් අඩුම අඩුයි)

මලා මේ ඉතිරි උත්තරෙන් තමා මේ කතාවම ගොඩ නැගෙන්නේ . දිගටම ලිව් නිසාත් ඇගිලි වලට මහන්සි නිසාත් ( මම තාම දඹරගැලි දෙකෙන් අනින්නේ - කාටවත් කියන්නෙපා හොදේ- ) මම ඉතිරි ටික පස්සේ ලියන්නද

මී ඇස් දෙක පල්ලා මේ කතාව මෙගා කරන්නැ ඒත් මේ ඇගිලි වෙහෙස කරන්න හොද නැ දැං ගෙදර යනවෝ හෙට ඉතුරු කොටස කියනවාමයි
ආයිත් කියන්නේ මේක මට වුන එකක් මයි හොදේ

Tuesday, September 4, 2012

සත්‍යම සත්‍ය කතාවක්


සත්‍යම සත්‍ය කතාව 2 කොටස

යහලුවෙකුගේ අත්දැකිමක් කියන්න ගිහිල්ලා මම කාපු මඩක්  ( හොද වැඩේ ස්ත්‍රි රත්නයන් වාගේ ඇහෙන දකින හැමදේම හැමෝටම කියනවාට )

කොහොම උනත් අඩ සිහියෙන් මොනවායින් මොනවා වෙයිද කියලා ගෙදරට ගැටුව ඒ යහලුවාට ( නැ නැ මට , මම එහෙමනේ ලියන්නේ )  ගෙදර ගේට්ටුව ලගට ගිහින් බෙල් එක එබුවා වැදුනද දන්නෙත් නැති ගානට සබන් බෝලයකට ඇගිල්ල තියෙනවා වාගේ හිමින්ම , (දැං හැම දෙයක්ම කොහෙන් පත්තුවෙයිද දන්නැති නිසා -)  කොහොම හරි බෙල් එකේ සද්දේ වැදුනා . දුව දොර ඇරියා විතරයි කඩාගෙන පැනපි පපුවටම අත්දෙකෙන් තිබ්බ පාර නියපොතු පාරවලුත් වැදුනා ශර්ට් එකත් ඉවරයි . ඉරුනේ නැ වෙලාවට .

ඒ මගේ ආදරණිය බව්වා “ බිංගෝ “  ඌ ඇල්ටේෂන් එකෙක් නිසා මාව පිලිගන්න ආවාම ඉස්සරහ කකුල් දෙක උස්සන් තමයි පනින්නේ .  “ අයින් “ , “ අයින් “ කියලා ( අපේ බිංගෝ ඉංග්‍රිසියෙන් කිව්වට ගනන් ගන්නැ ඌ තනිකරම සිංහල බල්ලෙක් )  ඌව එලවලා දොර දිහාට ගෑටුවා මම හිතුවා දොර ලග පුපුර පුපුර ඇති කියලා ( අතේ තිබුන ටවුමෙන් ගත්ත දොදොල්  හා බූන්දි පාර්සලේ දුව අරන් එයා ඒවා මලු දිගෑර බලන නිසා මගේ චකිතය ගැන ගානක් නැති වෙන්න ඇති

දොර ලගට ගියා නැනේ මගේ නෝනා මහත්මිය . සාලේ හරහා කුස්සිය පැත්තට ගියා ඒත් නැ අම්මපා මේ ගැනි මේ චූටි කේස් එකට මාව දාලාවත් ගියාද ? නැ වෙන්න බැ එහෙනම් දුව කියනවානේ !!!

“ කෝ පුතේ අම්මා “
“ අන්න කාමරේ නිදි“ එයා බූන්දි කනවා

මල කෙලියයි
අපේ නොනා ආරවුලක් වුනාම ඒක පටන් ගන්නේ කාමරේට ගිහින් ඇදේ කොට්ටේ ඔලුව ගහගෙන තරහා වෙලා .  ඉතිං මොකක් උනත් ෂේප් කරගන්න වුනාම අපි පස්සෙන් ගිහින් “ ඇයි මොකද්ද උනේ “ කියලා අහනකොටම තමයි බට කැලේ ඇවිලෙන්න පටන් ගන්නේ  එහෙම තමයි වෙනදා  සිද්ධ වෙන්නේ
මෙදා පාර නෝ එක්ස්කියුස්  බඩු ලිඛිතවම මාට්ටු නිසා “ ඇයි මොකද්ද වුනේ “ කියලා අහන්න මම අහන්න ගියේ නැ

බැග් එත තියලා හිමින්ම ගියා  ඉස්සරහා කාමරයට . ඒකේ තමයි 
 Lanka Bell  ෆෝන් එක තියෙන්නේ මම හිතුවා ඒක පොලවේ ගහලා ඇති කියලා
දුවට ගානක් වත් නැ බුන්දි කකා කාටුන් එකක් බලනවා
අර‍ තියෙන්නේ ෆෝන් එක තිබුන තැනම හිමින් හිමින් ගිහින් 
Display  එකට එබුනාUnread 1 Massage
හුරේ .......
පට පට ගාලා මසේජ් එක ඔපන් කලා ඩිලිඩ් කලා
හප්පේ දැන් ඇගට ආවා මාර ෆිට් එකක්
අඩියට දෙකට ගියා කෙලින්ම ඇද ලගට
“ පැටියෝ ඇයි ඇදට වෙලා “
නළලට අත තියන ගමන් ම ඇහුවා
“ ඔලුව රිදෙනවා පැලෙන්න වගේ“
______________________________
ඉතිං යාලුවට වුන වැඩේ ඔහොමයි
එයා මට කියනකොට මට හිතුනේ අම්මපා මට ඔහොම සිද්ධියක් උනොත් මොනවා වෙයිද කියලා
කොහොමත් ඒ යාලුවා තරම් මම වාසනාවන්තයෙක් නොවන නිසා එහෙම මැසේජ් යවන්නෙත් නැ ( යැව්වත් 
Nomber   එක Verify  කරගන්න එක දෙතුන් පාරක්ම කියවලා කමයි Send කරන්නේ

කතාව මෙතැනින් නිමයි !!! 
මේක මම මුහුණු පොතට ලියු කතාවක්
මේක පාලුවෙන නිසා දාන්නේ



සත්‍ය කතාවක්

මටත් හිතුනා කතාවක් ලියන්න කලින් චන්දන මල්ලි ලියපු කතාව ( ඇත්ත උනත් බොරු උනත් ) නැගලා ගියානේ . මම කියන්න හැදුවේ කොටස් 2 ක කතාවක් (අන්මෙගා)

හැබැයි කිව්වා වගේම මේක අත්දැකිමක් නෙමෙයි (ඇන්ටිපා)  බස්  එකේ ගිය හාදයෙකුට වුන දෙයක් කොච්චර කිව්වත් ඔයාලා පිලිගන්නේ නැ කියයි මටම වුන වැඩක් කියලා

මොනවා කරන්නද ඒ මම ලබා උපන් හැටි නොකරපු දේ වලටත් වන්දි ගෙවන්න වෙනවා
ඒ නිසා මටම වුන එකක් වගේම ලියනවා රසවත් වෙන්නත් එක්ක ( මම දන්නවානේ ඔයාලා විහිලුවට මම ගැන එහෙම හිතුවට හිනෙන්වත් මට මෙහෙම අලකලංචියක් වෙයි කියලා විස්වාස නොකරන බව)

මෙන්න එහෙනම් ඒ සත්‍ය කතාව (නම් ගම්  මනක්කල්පිතයි)

මම මේ රස්සාවේ බර කාලයකට කලින් කලවාන ( රත්නපුර දිස්ත්‍රික්කයේ ) වැඩකලා
ඉතිං මගේ ස්ථිර පදිංචිය මහනුවර
දුවයි නෝනයි ඒ ගෙදර මම ගෙදර යන්නේ සති අන්තයේ
මගේ වාහනයෙන් හැමදාම එන්න බැ
බොහෝ වෙලාවට යන්නේ බස් එකේ  ( මේ කියන්නේ චූටි දුරක් ගැන නෙවේ - කලවානේ ඉදන් රත්නපුරට කිමි 37 උනාට පැය 2 බස් එකට , හවස් රත්නපුරෙන් නුවරට ( තවත් පැය 3
½ ක් )
දැන් වගේ නෙවෙයි බස් හොදටම අඩුයි සිකුරාදා හවසට කොහොමත්ම ඉදගන්න ඉඩක් නැ කැගල්ලෙන් පත්විම ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩ කරන් ලාබාල ගුරුතුමින්ගෙන් බස් එක පිරිලා
එකෙක් බස්එකට නැග්ගම අනිත් රොත්තටම සිට් අල්ලන නිසා පොරකන්නත් බැරි නිසා සමහර විට කෑගල්ලටම එනකම් හිටගෙන ( මේකතාව වෙන පැත්තකට යන්නයි හදන්නේ ආය යමු ප්‍රධාන කතාවට)
ඉතිං එහෙම හිටගෙන එනකොටත් ඉදලා හිටලා දුරකතනයෙන් හඳුනන සමහර ලමයි කරදරයක් නැතිව ගෙදරවල් වලට ගියාද කියලා හොයන්න  වෙනවා ඒවා ඉතිං ආයතන ප්‍රධානියෙක්ගේ යුතුකම් නේ  ( දැන් කාලේ එහෙම කතාකරනවාට මල් කඩනවාද කියලා කිව්වට ඒ කාලේ එහෙම කිව්වේ නැ ඒ නිසා එහෙම එකක් නෙවෙයි සම්පුර්නයෙන්ම යුතුකම් ඉටුකිරිමක්මයි
අපේ ගෙදරනම් තිබුනේ  Lanka Bell CDMA එකක් ඒකෙන් අරන් නෝනාත්  දැං කොහේද දැං කොහේද කියලා අහනවා මමත් උත්තර දිදි යනවා
ඉතිං ඔන්න දවසක් එක ටීචර් නෝනා කෙනෙකුට කෝල් කරලා මදිකමට බොහෝම අමාරුවෙන් එස් එම් එස් එකකුත් කෙටුවයි කියමුකෝ ඔයා පරිස්සමින් ගෙදර ගිහින් මට මිස් කෝල් එකක් දෙන්න කියලා ( ඒකේ වරදක් නැ වරද තිබුනේ පාචිච්චි කල විශේෂණ පදයේ - ඒක මෙතැනට අදාල නැ කැමැති එකක් හිතාගන්න )
ඉතිං බෙහෝම අමාරුවෙන් හවස 6 ට විතර අඩ අදුරේ  බස් එකේ තෙරපි තෙරපි එක අතකින් වවුලෙක් වගේ කොටපු පණිවුඩේ සෙන්ඩ් කරන්න එබුවයි කියමුකෝ මල කෙලියයි මැසේජ් එක යන්නේ ගෙදරට සෙන්ඩින් යනකොට ෆෝන් එකේ බොත්තම් කැඩෙනකම් CANCEL බට්න් එක එබුවත් හරි ගියේ නැ Correctly  sent කියලා වැටුනා
දැං මොන දෙයියන්ට කියන්නද එතැන ඉදං ගෙදරට යනකම් කොහොම ගියාද කියලා ලියන්න මතකත් නැ දන්නෙත් නැ
කොහෙන් කොහොම හරි ගේ ලගට ගිහින් බෙල් එක ගැහුවයි කියමුකෝ .....

යහලුවෙකුට සිදුවු මල ඇබැද්දියක් මට කියන ලදුව මා විසින් මාහට සිදුවු දෙයක් ලෙස අකුරු කරවා පෝස්ට් කරන ලදි

දොර අරිනතොටම ඇඟට කඩාගෙන පැනපු හැටි දෙවන කොටසේ  ( රැදි ඉන්න මේ සමගම)

Wednesday, August 22, 2012

ඉතිං මහ ලොකුවට බොලෙගය හැදුවට මේකට එන්න වෙලාවක් ඇත්තෙන්ම නැති උනා
ඒත් මම ඇවිත් ඇවිත් බැලුවා ඒක එතැනම තියෙනවාද කියලා ( අහවල් දෙයක්යැ නැතිවෙන්න නේද )
නැ කවුරු හරි කමෙන්ට් කරලාද කියලා බලන්න ඒත් එහෙම වෙන්නේ කොහොමද මම තාම මෙහෙම එකක් හැදුව බව කාටවත් කිව්වායැ
කියන්න තාම ලැජ්ජයි පෝස්ට් දාන්න වෙලාවක් නැති උනානේ පාලුවට ගිය පෝස්ට් බලන්න කවුද කැමැති වෙන්නේ

කොහොම හරි අද උදේ ඉදන්ම හිතට එන සිංදු කැල්ල මේකේ සටහන් කරලා මේ ලියවිල්ල අවසන් කරනවා

“ අදයි අවසන් දිනය මා , ඇගෙන් සමුගන්න “

( මොකද එහෙම දැම්මේ කියලා අහන්න ඔට්ටු නැ හොදේ )

Thursday, June 28, 2012

මම අද යි ආරම්භ කලේ

ඇත්තටම හැමදාම විවිධ සොයුරු සොයුරියන්ගේ බ්ලොග් කියව්වත් රසවින්දත් මගේම බ්ලොගයක් හදන්න ඕන කියලා හිතුනේ නැ. මම හිතුවේ ඒක මාර කට්ටක් කියලා
ඒත්
@

Nuwan Sampath Kumara


 මල්ලි මගෙන් ඉල්ලුවා බ්ලොග් ලිපිනය මම කිව්වා මට එහෙම එකක් නැ කියලා ඒ මල්ලි මට ලින්ක් එකත් දිලා ඕනම දෙයක් කියලා දෙන්නම් කිව්වා
ඒ මල්ලිට ස්තූතිවේවා බොහෝමත්ම
ලගදිම ලස්සනම ලස්සන බ්ලොගයක් මාත් හදනවා