ඉතිං මහ ලොකුවට බොලෙගය හැදුවට මේකට එන්න වෙලාවක් ඇත්තෙන්ම නැති උනා
ඒත් මම ඇවිත් ඇවිත් බැලුවා ඒක එතැනම තියෙනවාද කියලා ( අහවල් දෙයක්යැ නැතිවෙන්න නේද )
නැ කවුරු හරි කමෙන්ට් කරලාද කියලා බලන්න ඒත් එහෙම වෙන්නේ කොහොමද මම තාම මෙහෙම එකක් හැදුව බව කාටවත් කිව්වායැ
කියන්න තාම ලැජ්ජයි පෝස්ට් දාන්න වෙලාවක් නැති උනානේ පාලුවට ගිය පෝස්ට් බලන්න කවුද කැමැති වෙන්නේ
කොහොම හරි අද උදේ ඉදන්ම හිතට එන සිංදු කැල්ල මේකේ සටහන් කරලා මේ ලියවිල්ල අවසන් කරනවා
“ අදයි අවසන් දිනය මා , ඇගෙන් සමුගන්න “
( මොකද එහෙම දැම්මේ කියලා අහන්න ඔට්ටු නැ හොදේ )